hatton-finds-the-bodies-of-all-four-missing-after-a-mound-of-fire-has-collapsed

හැටන්, ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නායයාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම මළ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය තහවුරු කරයි. ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නායයාම් තත්ත්වය මෙම ඛේදජනක අනතුරට හේතු වී තිබේ.




අනතුරින් අතුරුදන් වූ පිරිස සෙවීම වෙනුවෙන් වහාම ආරම්භ කළ විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුරදී, ප්‍රථමයෙන්ම සොයා ගැනීමට හැකිවූයේ එක් කාන්තාවකගේ සිරුරකි.

ඉන් අනතුරුව සිදුකළ සෙවුම් කටයුතුවලදී තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගත් බව පොල්පිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

hatton-finds-the-bodies-of-all-four-missing-after-a-mound-of-fire-has-collapsed