fuel-prices-down

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් 2026 අගෝස්තු මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. මෙම නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් වර්ග දෙකෙහිම සිල්ලර මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වෙනස් වීමකින් තොරව පවතී.




ඒ අනුව, මින් පෙර ලීටරය රුපියල් 414.00 ක පැවැති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල රුපියල් 15.00 කින් පහත හෙළා ඇති අතර එහි නව ලීටරයක මිල රුපියල් 399.00 ක් ලෙස සටහන් වේ. මීට අමතරව, රුපියල් 495.00 ක් ලෙස පැවැති ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 475.00 ක් ලෙසයි.

මේ අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත් වෙනස් වීමකින් තොරව පෙර පැවැති මිල ගණන් යටතේම පවත්වාගෙන යනු ලබයි. තවද ලංකා භූමිතෙල් ලීටරයක පැවැති රුපියල් 285.00 ක මිලෙහි ද කිසිදු සංශෝධනයක් සිදුව නොමැත.