fcid-is-called-because-the-government-cannot-handle-the-crowd-around-namal---johnston

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා ගොඩනැගී ඇති ජනතා බලය ආණ්ඩුවට දරාගත නොහැකිවීම හේතුවෙන් ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා ඇති බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.




අද (21) නාමල් රාජපක්ෂ මහතා FCIDය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය මන්ත්‍රීවරයාගේ සාර්ථකත්වය හමුවේ ආණ්ඩුව ගන්නා අසාර්ථක උත්සාහයක් බවත්, මෙම ක්‍රියාමාර්ග සඳහා වන ප්‍රතිඵල අනාගතයේදී ආණ්ඩුවට හිමිවන බවත්ය.

තමන් ඇතුළු කණ්ඩායම කිසිදු වරදක් සිදුකර නොමැති බැවින් ඕනෑම පරීක්ෂණයකට නොබියව මුහුණ දීමට සූදානම් බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය.




“එන්න කියනකොට අපි එනවා. වැරදි කරලා නැති නිසා මේවට බය නැතුව මුහුණ දෙනවා. මේක අලුත් දෙයක් නෙමේ. මේ තනිකරම නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සෙනඟ එද්දි, සෙනඟ දැක්කහම දරාගන්න බැරුව ගන්න අසාර්ථක උත්සහයක්. ආණ්ඩුව තව වැටෙනවා. මේවට ප්‍රතිඵල එනවා අනාගතයේ…”