death-of-harsha-de-silvas-father

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ මෙන්ම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි හරිස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ආදරණීය පියාණන් වන ඒ මහතා මියයන විට 93 වන වියෙහි පසුවිය.




ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ හරිස් ද සිල්වා මහතා, මෙරට රාජ්‍ය ලේඛන නඩත්තු කිරීම, ආරක්ෂා කිරීම මෙන්ම ලේඛනාගාර පද්ධතිය නූතනත්වයට ගැලපෙන සේ නවීකරණය කිරීම උදෙසා දීර්ඝ කාලයක සිට ප්‍රමුඛ නායකත්වයක් ලබා දෙමින් අනුපමේය මෙහෙවරක නිරත වූවෙකි.

අභාවප්‍රාප්ත හරිස් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (05) පූර්වාහ්න 9.00 සිට කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇත. දේහය පිළිබඳ අවසාන කටයුතු අද (05) පස්වරුවේ කිරුළපන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

death-of-harsha-de-silvas-father