civil-engineer-lakshman-killed-in-attack-by-korean-in-thalawathugoda

තලවතුගොඩ, වැලි පාර ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සිවිල් ඉංජිනේරුවරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් 60 හැවිරිදි කොරියානු ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තලවතුගොඩ, වැලි පාරේ පදිංචිව සිටි කේ.

කේ. ඩී. ලක්ෂ්මන් කුමාරසිංහ නමැති 58 හැවිරිදි සිවිල් ඉංජිනේරුවරයෙකි.




සිද්ධියට සම්බන්ධ සැකකාර කොරියානු ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ විවාහ වී වැලි පාරේ පිහිටි නිවසක පදිංචිව සිටින අයෙකු වන අතර, ඔහු දකුණු කොරියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට කොරියානු භාෂාව උගන්වනු ලබයි. මියගිය ඉංජිනේරුවරයා සහ සැකකරු අසල්වාසීන් වන අතර, කිසියම් සිදුවීමක් මුල් කරගනිමින් මොවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් අතරතුර කොරියානු ජාතිකයා විසින් ඉංජිනේරුවරයාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සිවිල් ඉංජිනේරුවරයා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කොරියානු ජාතිකයා සම්බන්ධයෙන් තලංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.