පසුගිය 15 වනදා සංවිධානය කර තිබූ ‘Sri Lankan Entrepreneurs’ Night 2026’ ව්‍යවසායක සමුළුව අමතමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකිකයන් දැනට භුක්ති විඳින නිදහස, යුක්තිගරුකභාවය මෙන්ම නීතියේ ආධිපත්‍යය නොබෝ දිනකින් ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.
ඕස්ට්‍රේලියාව වෙත ශ්‍රී ලාංකිකයින් සම්ප්‍රාප්ත වී ඇත්තේ ව්‍යාපාරික කටයුතු හෝ යහපත් ජීවන මට්ටමක් අපේක්ෂාවෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මිලියන 18කට අධික ජනතාවක් රජය කෙරෙහි තැබූ විශ්වාසය හා ජනවරමට ගරු කරමින් අනාගත පරපුරට නිදහසේ අධ්‍යාපනය ලැබීමටත්, සාධාරණ හා යුක්තිගරුක පරිසරයක ජීවත් වීමටත් හැකි සුන්දර රටක් ගොඩනගන බවට එම සභාව හමුවේ සහතික විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
“ඔබ සමහර විට ඕස්ට්‍රේලියාවට එන්න ඇත්තේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. සමහර විට ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන්. එහෙමත් නැත්නම් ජීවත්වීම සඳහා නිදහස් ස්වාධීන නීති ගරුක රටක් වෙනුවෙන්. මම එක සහතිකයක් අද දෙනවා. ඔබ ඇතුළුව මිලියන 18කට වැඩි ශ්‍රී ලාංකික ජනතාව අපට දීපු ජනවරම අනුව ඉතාම නුදුරු කාලයකදී අපේ මාතෘ භූමියත් මේ ඕස්ට්‍රේලියාව වගේම අනාගත දරු පරම්පරාවට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, නිදහසේ ජීවත් වෙන්න පුලුවන්, යුක්ති ගරුක, නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙන ඔබ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා හා සමාන සුන්දර රටක් බවට අපි පත් කරනවා.”