rumesh-tharanga-is-again-number-one-in-javelin-world-rankings

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. කෙටි කාලයකට දෙවැනි ස්ථානයට පසුබැස සිටි ඔහු, නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැවතත් මෙම සුවිශේෂී දස්කම දක්වා පැමිණ ඇත.




රුමේෂ් තරංග මෙම අංක එක ස්ථානය තහවුරු කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 1,363ක් හිමිකර ගනිමිනි. එහිදී දෙවැනි ස්ථානයේ පසුවන ජර්මනියේ ජූලියන් වේබර්ට හිමිව ඇත්තේ ලකුණු 1,342කි. ඒ අනුව ජර්මානු ක්‍රීඩකයාට වඩා ලකුණු 21ක පැහැදිලි පරතරයක් පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා පෙරමුණේ රැඳී සිටියි.

ලෝක ශ්‍රේණිගත කිරීම් හි තෙවැනි ස්ථානය ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ලබාගෙන ඇති අතර, පසුගියදා නිමාවූ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ්ට දැඩි තරගකාරීත්වයක් එල්ල කළ ඉන්දියාවේ නීරාජ් චොප්රා ප්‍රසාද ලකුණු 1,301ක් ලබාගනිමින් හිමිකරගෙන ඇත්තේ සයවැනි ස්ථානයයි.