a-petition-in-favor-of-the-petition-against-22

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ දැමීම අරමුණු කරගනිමින් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.




ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන මගින් මහජන පරමාධිපත්‍යයට හෝ අධිකරණ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදු නොවන බවත්, එබැවින් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු එමගින් පෙන්වා දෙයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් විසින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 20 කට අධික සංඛ්‍යාවක් ගොනු කරනු ලැබ තිබේ.