දීර්ඝ නිවාඩු කාලසීමාව තුළ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ අරමුණින් වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවකින් යුත් සියලුම සූර්ය පැනල පද්ධති තාවකාලිකව අක්‍රීය කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලීමක් කර සිටියි. පසුගිය 27 වනදා සිට ආරම්භ වූ මෙම පියවර එළඹෙන 30 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, අදාළ දිනවල පෙරවරු 8:00 සිට පස්වරු 3:00 දක්වා කාලසීමාව තුළ මෙලෙස සූර්ය පැනල අක්‍රීයව තබන ලෙස අමාත්‍යවරයා සඳහන් කරයි.
විශේෂයෙන්ම නිවාඩු දිනවලදී දිවයින පුරා පිහිටි මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ස්ථානවල විදුලි භාවිතය සැලකිය යුතු ලෙස අඩුවන බැවින් ජාතික විදුලි ඉල්ලුම පහත වැටීම සාමාන්‍ය තත්ත්වයකි. එවැනි තත්ත්වයක් හමුවේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කරගැනීම සඳහා මෙම තාවකාලික පියවර ගෙන ඇති අතර, ජාතික පද්ධති ක්‍රියාකරු විසින් ද අදාළ කාලසීමාව තුළ මෙම උපදෙස් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
