
කඩවත, සිය නිවස පිටුපස පිහිටි වෙල්යායේ සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකුට යතුරුපැදිවලින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබේ. මෙම ප්‍රහාරයෙන් ගෙල ප්‍රදේශයට තුවාල ලැබූ තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කඩවත පොලිසිය පවසයි.
ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇති අතර, පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා පසුව කඩවත පොලිස් ස්ථානයට පැමිණ භාර වී තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පියා දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු බව පොලිසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අද (31) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.