a-tense-situation-in-borella-magazine-jail

කොළඹ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ 'ඊ' (E) වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතර අද රාත්‍රී 10.20 ට පමණ හදිසියේම නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ. මත්ද්‍රව්‍ය මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇති බවට මූලික තොරතුරුවලින් අනාවරණය වේ.




එම වාට්ටුවේ සිටි රැඳවියන් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් හදිසියේම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම සිදුවීම ආරම්භ වී ඇත. තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් වහාම බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනුණි.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ක්‍රියාත්මක වීමත් සමඟ පවතින නොසන්සුන්තාව පාලනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ වන විට පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.