මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්, පත්කළ කමිටු සාමාජිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙම විශේෂ කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබූ අතර, අදාළ විධිමත් ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටු සාමාජිකයන් මාස දහයක කාලයක් පුරා දීර්ඝ අධ්‍යයනයක නිරත වී ඇත.
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම, මරණ දඬුවම නියමවී සිටින රැඳවියන්ගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින පිරිස්වල දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම සහ රැඳවියන් සඳහා නිවාස නිවාඩු ලබාදීම මෙම කමිටු වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර වේ.