
චීනයේ පැවැත්වෙන ලෝක මානුෂරූපී රොබෝ තරඟාවලියේදී මීටර් 100 දිවීමේ තරඟය තත්පර 9.39 කින් නිම කිරීමට මානුෂරූපී රොබෝවෙකු සමත් වී තිබේ. බීජිං මානුෂරූපී රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය (Beijing Innovation Centre of Humanoid Robotics) මගින් නිර්මාණය කරන ලද මෙම රොබෝවා, මීටර් 100 ඉසව්වේ මිනිසෙකු තබා ඇති ලෝක වාර්තාව අභිබවා ගියේය.
ඔලිම්පික් රන් පදක්කම් අටක හිමිකරුවෙකු වන උසේන් බෝල්ට් විසින් 2009 වසරේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.58 කින් නිම කරමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණි. මෙම ජයග්‍රහණයේදී අදාළ රොබෝවා විසින් තවත් රොබෝවරුන් දෙදෙනෙකු පරාජය කරන ලද අතර, ඒ අතර චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන 'හොනර්' (Honor) සමාගම මගින් නිර්මාණය කළ රොබෝවාද වේ.
පුහුණු ධාවනයකදී එම රොබෝවා තත්පර 9.32 කින් අදාළ දුර ප්‍රමාණය ආවරණය කළ බව එම නිෂ්පාදකයන් සඳහන් කරයි. සෙනසුරාදා ආරම්භ වූ මෙම රොබෝ තරඟාවලියට බොක්සිං සහ පාපන්දු තරඟ මෙන්ම රෙදි නැවීම වැනි ගෘහස්ථ කටයුතු නිරූපණය වන ඉසව් ද ඇතුළත් වේ.