නල්ලතන්නිය සහ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිණි ඇළ ප්‍රදේශයේදී අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් ගමන් කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
වව්නියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් පසුගිය 19 වන දින ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ අරමුණින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. කෙසේ වෙතත්, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාත්‍රී කාලයේ සංචාරය කිරීම අවදානම් සහගත බැවින් පසුදින උදෑසන ගමන ආරම්භ කරන ලෙස එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඩී. නිරෝෂන් මහතා ඇතුළු නිලධාරීන් ඔවුන්ට උපදෙස් දී තිබේ.
පොලිස් උපදෙස් මත රාත්‍රිය ගත කිරීම සඳහා නවාතැනක් සොයා ආපසු ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර, මෝටර් රථයට දැඩි අලාභහානි සිදු වුවද එහි ගමන් කළ කිසිදු අයෙකුට තුවාල සිදුව නොමැත.
මේ අතර, අදාළ අනතුර සිදුවූ ස්ථානයේදීම නල්ලතන්නිය සිට මස්කෙළිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (20) දිනයේදී අනතුරට ලක්වීමෙන්, ත්‍රිරෝද රථයක ගමන් කළ පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ තවත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී ඇත.
සිද්ධීන් සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.