update-the-negombo-prison-is-out-of-control-and-the-death-toll-is-up-to-11-due-to-clashes-today
මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (06) ක්‍රියාත්මක වූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 19 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ. මෙම සිදුවීමත් සමඟ තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ පිරිස 90 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.




රෝහල් ආරංචි මාර්ගවලට අනුව, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු ද සදහන් වේ. එමෙන්ම එහි රඳවා සිටි රැඳවියන් 15 ක් ද මෙම ගැටුම හේතුවෙන් මරණයට පත්ව ඇති බව තහවුරු කර ඇත.

මියගිය පිරිසෙන් දෙදෙනෙකු මියගියේ ඊයේය.




බන්ධනාගාරය ඇතුළත පවතින බරපතළ තත්ත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානයක් යොදවා තිබූ අතර, බන්ධනාගාරය තුළ සිට එම යානය ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. මෙලෙස උත්සන්න වූ නොසන්සුන්භාවය මැඩපවත්වා තත්ත්වය පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද එම ගුවන් සීමාවට කැඳවා මෙහෙයුම් සඳහා දායක කරගන්නා අයුරු දක්නට ලැබිණි.