three-wheeler-falls-down-mohini-falls-two-killed

නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල ආසන්නයේදී අද (22) උදෑසන සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




උදෑසන 8:15 ට පමණ නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වූ මෙම ත්‍රීරෝද රථය අධික වේගය හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෝහිනී ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව අනාවරණය වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පුද්ගලයින් පස්දෙනෙකු ගමන් කර ඇති අතර, මියගොස් ඇත්තේ එහි රියදුරා සහ තවත් වැඩිහිටි අයෙකි. එහි ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු ද බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.




නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

three-wheeler-falls-down-mohini-falls-two-killed