කම්කරු අමාත්‍යවරයා මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කම්කරු අමාත්‍යාංශය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාළ ප්‍රචාරයන් මුළුමනින්ම ගොතන ලද ඒවා වන අතර, අමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ සාමාජීය, දේශපාලනික හා ආගමික සහජීවනය පළුදු කිරීමේ පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් විසින් මෙම අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පහත් මට්ටමේ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන කම්කරු අමාත්‍යාංශය, එම ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දකින බවද වැඩිදුරටත් සඳහන් කරයි.
