the-child-who-was-thrown-by-the-motorcycle-was-killed-by-the-car

මව්පියන් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තුන් හැවිරිදි පිරිමි දරුවෙකු යතුරුපැදියෙන් විසිවී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිකඩ පොලිසිය වාර්තා කරයි. පසුගිය 25 වැනිදා අලුයම කාලයේ රාජගිරිය, අඹගහ හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අයි.

ජී. නිසිදු හුමෙත් නමැති කුඩා දරුවෙකි.




ඥාති නිවසක ගොස් ආපසු රාජගිරිය පොල්වත්ත, ජනාධිපති විද්‍යාල මාවතේ පිහිටි තමන්ගේ නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දී තිබේ. බුත්ගමුව මාර්ගයේදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය මාර්ගයේ වම්පසට පෙරළී ඇති අතර, එහිදී පැදිකරු වූ පියා සහ පසුපස අසුනේ සිටි මව මාර්ගයේ වම්පසට වැටී ඇත. එම අවස්ථාවේදී පැදිකරු අසුනට ඉදිරියෙන් සිටගෙන ගමන් කළ කුඩා දරුවා මාර්ගයේ දකුණු පසට විසිවී ඇදී ගොස්, ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ඉදිරිපස දකුණු රෝදයට හසුව තිබේ.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ දරුවා වහාම අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු මියගොස් ඇත. සිදු වූ අනතුරින් දරුවාගේ මව්පියන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව පොලිසිය පවසයි. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ කොටිකාවත්ත, මහ බුද්ගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම, යතුරුපැදිය පැදවූ මියගිය දරුවාගේ පියාගේද නොසැලකිලිමත් ධාවනය අනතුරට හේතුවී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බැවින් ඔහුවද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

the-child-who-was-thrown-by-the-motorcycle-was-killed-by-the-car