sbs-brother-jayalath-arrested-for-taking-27-million-to-give-bar-license

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් මත මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.




මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එම විමර්ශනවලට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් ඊයේ (14) උදෑසන කාලයේදී හඟුරන්කෙත ප්‍රදේශයේදී සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජයලත් බණ්ඩාර දිසානායක මහතා අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතර සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරනු ලබයි.