මාතර නගරයේ හරිශ්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි අලෙවිසැලක අද (29) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුර හේතුවෙන් Sale කඩේ ලෙස හඳුන්වන අදාළ අලෙවිසැලට පමණක් නොව, ඊට ආසන්නයෙන් පිහිටි ‘සමාරා ඇඩ්වටයිසින්’ ආයතනයට ද බරපතල ලෙස හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න හටගැනීමත් සමඟ ක්‍රියාත්මක වූ අදාළ අංශ මේ වන විටත් ගින්න පාලනය කිරීම සහ නිවා දැමීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. තවද, අනතුර හේතුවෙන් සිදු විය හැකි අතිරේක හානි වළක්වා ගැනීමේ ආරක්ෂිත පියවරක් ලෙස මාතර නගරයේ විදුලි සැපයුම ද මේ වන විට සම්පූර්ණයෙන්ම විසන්ධි කර ඇත.
මෙම අලෙවිසැල තුළ මෙලෙස හදිසියේ ගින්නක් හටගැනීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.