හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුල් කරගනිමින් රඟදැක්වූ ‘උපවාස නාටකය’ වෛද්‍ය පරීක්ෂණ හමුවේ අමු අමුවේම ඔප්පු වීමත් සමඟ එය අතහැර දැමීමට ඔහුට සිදුව ඇති බව ජන බලය සාමූහිකය සඳහන් කරයි. මෙරට ව්‍යවස්ථාපිත රාජ්‍යයට යටින් ක්‍රියාත්මක වන ‘අපරාධ රාජ්‍යය’ සහ දේශපාලන බල ව්‍යූහය එකිනෙකට බැඳී පවතින බවත්, මෙම දූෂිතයන් නීතියේ රැහැනට හසු කරගැනීමේ සටන මඟ නතර කළහොත් ඉතිහාසයේ දරුණුම පළිගැනීම් ජාලයකට රට මැදිවන බවත් එම සාමූහිකයේ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
කොළඹදී ඊයේ (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සාමූහිකයේ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නන්ගර මහතා මේ බව පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “අද දවල් වරුවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ තමන් කරගෙන ගිය උපවාසය අතහැරලා දැම්මා. සලේලාව අත්අඩංගුවට ගන්නවට විරුද්ධව උදය ගම්මන්පිලයි, විමල් වීරවංශයි ඇතුළු කල්ලිය මූලික වෙලා කොටුව ස්ටේෂන් එක ඉස්සරහ උපවාසයක් කළා. හැබැයි ඉතාම කෙටි වෙලාවකින් ඒ උපවාසය අතහැරලා හැමෝටම දුවන්න සිද්ධ වුණා.
සුරේෂ් සලේ ජූනි 06 වැනිදා උපවාසයකට බැස්සේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට අරන් වධහිංසා කරනවා කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලත් එයා ඉල්ලුවා. ඒ වගේම, ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ව අයින් කරලා, තමන්ව රිමාන්ඩ් එකට දාන්න කියලත් ඉල්ලුවා. හැබැයි ආණ්ඩුවවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්වත් මේ උපවාසය සත පහකටවත් මායිම් කළේ නැහැ. අන්න ඒ නිසා, මේ මහා අපරාධ පිටුපස ඉන්න මහමොළකරුවෙක් විදිහට චෝදනා ලබලා ඉන්න සුරේෂ් සලේට තේරුණා තමන් ගහපු ‘ගේම’ හරියන්නේ නැහැ කියලා. ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඔහුව පරීක්ෂා කරද්දී, පහුගිය සති කිහිපය පුරාම ඔහු කරපු උපවාසය බොරුවක් කියලා අමු අමුවේම ඔප්පු වුණා.”