මධුසමය ගත කිරීම සඳහා ඉන්දියානු දුම්රියක සාමාන්‍ය මැදිරියක් විශේෂිත ලෙස සරසාගත් අලුත විවාහ වූ යුවළකට සහ ඊට අවසර ලබා දුන් දුම්රිය සේවකයාට දැඩි පියවර ගැනීමට ඉන්දීය දුම්රිය බලධාරීන් කටයුතු කර තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජල්නා (Jalna) සිට මුම්බායි (Mumbai) දක්වා ධාවනය වූ නන්දිග්‍රාම් එක්ස්ප්‍රස් (Nandigram Express) දුම්රියේ පළමු පන්තියේ වායුසමනය කළ මැදිරියක් මෙලෙස ඔවුන්ගේ මධුසමය වෙනුවෙන් සරසා තිබුණි.
2026 වසරේ ජූලි 06 වන දින සිදුවූ මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතී.මෙම යුවළ විසින් අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගත් මෝස්තරකරුවෙකුගේ (event stylist) සහාය ඇතිව අදාළ මැදිරිය මල්, බැලුම්, විදුලි බුබුළු සහ ආදරය ප්‍රකාශ කරන පෝස්ටරයක් ද යොදා ගනිමින් අලංකාර කර තිබී ඇත. කෙසේ වෙතත්, මෙය අනවසර ක්‍රියාවක් බැවින් යුවළ දුම්රියට ගොඩවීමටත් පෙර ක්‍රියාත්මක වූ දුම්රිය නිලධාරීන් එම කුටිය අවහිර කර සියලුම සැරසිලි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් ඔවුන්ගේ මධුසමයේ ආරම්භය බලාපොරොත්තු නොවූ අයුරින් අසාර්ථක වී ඇත.
මෙම අනවසර ක්‍රියාවට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ජල්නා දුම්රිය ස්ථානයේ සේවය කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයාගේ (Travelling ticket examiner) වැඩ තහනම් කිරීමට දකුණු මධ්‍යම දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ සැරසිලිකරු දුම්රිය මැදිරියට ඇතුළු වීම දැඩි ආරක්ෂක දෝෂයක් ලෙස සලකන බව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කළහ.
සාමාන්‍යයෙන් මධුසමය ගත කරන යුවළයන් සඳහා ඉන්දීය දුම්රිය සේවය විසින් මහාරාජාස් එක්ස්ප්‍රස් (Maharajas' Express), පැලස් ඔන් වීල්ස් (Palace on Wheels), ඩෙකෑන් ඔඩිසි (The Deccan Odyssey) සහ ගෝල්ඩන් චාරියට් (the Golden Chariot) වැනි වෙනමම සුඛෝපභෝගී දුම්රිය සේවා හඳුන්වා දී තිබේ. ලොව සුඛෝපභෝගීම දුම්රිය ලෙස සැලකෙන මහාරාජාස් එක්ස්ප්‍රස් හරහා දිල්ලි සිට ජායිපූර්, රන්තම්බෝර්, ෆටෙහ්පූර් සික්රි, අග්‍රා, ඛජුරාහෝ සහ වරාණසි යන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් (ඩිරාම් 77,000) වැය වේ. අනෙකුත් සුඛෝපභෝගී දුම්රියවල ගමන් ගාස්තුව රුපියල් 260,000 සිට මිලියන 2 දක්වා පරාසයක පවතින අතර, අදාළ යුවළ එම සේවාවන් පිළිබඳ නොදැනුවත්කම හෝ අඩු වියදමකින් සිය ගමන සැලසුම් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ දී ඇති බව පෙනෙන්නට තිබේ.