
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනයේ යෙදීමට පැමිණි කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අද (28) පෙ his පෙරවරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පොලිස් භාරයට ගෙන ඇත.
අද රාත්‍රී කාලයේ පැවැත්වෙන පෙරහැරේ නර්තනයේ යෙදීමට නියමිත සියලුම කාවඩි කණ්ඩායම්වල සාමාජිකයන් පෙරහැරට එක්වීමට ප්‍රථම විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා 'දසත නිව්ස්' වෙත සඳහන් කර තිබේ.
එමෙන්ම, අද රාත්‍රී පෙරහැරේ සමස්ත ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සහ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවද වාර්තා වේ.