the-two-young-men-who-were-coming-on-the-motorcycle-to-watch-the-music-fell-victim-to-the-sand-tipper

හොරණ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් නරඹා නැවත නිවෙස් බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු, ඊයේ (19) අලුයම 2.30 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල පිහිටි වංගු සහිත ප්‍රදේශයේදී බව හොරණ මූලස්ථාන පොලිසිය තහවුරු කරයි.




අනතුරින් මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දෙගම්බඩ ගමරාලලාගේ දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උදීෂ් සිත්මිණ නමැති දෙදෙනෙකි. මොවුන් ගමන් ගත් යතුරුපැදිය වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පොලිස් මූලික විමර්ශනවලට අනුව හොරණ දෙස සිට පැමිණි යතුරුපැදිය කනන්විල වංගුව ගැනීමේදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව දකුණු මංතීරුවට ඇදී ගොස්, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බවට සැක කෙරේ. අනතුරේ බරපතළකම නිසා යතුරුපැදියට දැඩි හානි සිදු වී ඇති අතර, මියගිය දෙදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත. එසේම අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (19) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

the-two-young-men-who-were-coming-on-the-motorcycle-to-watch-the-music-fell-victim-to-the-sand-tipper

the-two-young-men-who-were-coming-on-the-motorcycle-to-watch-the-music-fell-victim-to-the-sand-tipper