ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සැල්සා නැටුම් පන්තිවලට සහභාගී වීම මගින් මානසික අවපීඩනය සහ කාංසාව වැනි තත්ත්වයන් අවම කර ගැනීමට උපකාරී විය හැකි බවයි. කැරිබියානු, ස්පාඤ්ඤ සහ අප්‍රිකානු සංගීත රිද්මයන්ගේ සම්මිශ්‍රණයක් වන සැල්සා නැටුම් කලාව ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇති අතර, එය ශාරීරික සෞඛ්‍ය මෙන්ම මතක ශක්තිය වර්ධනය කිරීමටද දායක වන බව පිළිගැනේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යස්ථ මට්ටමේ මානසික අවපීඩනය සහ කාංසාව සහිත වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියන් 121 දෙනෙකු යොදා ගෙන තිබේ. සති අටක කාලයක් පුරා පැවති මෙම වැඩසටහනේදී පිරිසක් සැල්සා නැටුම් පන්ති සඳහා යොමු කළ අතර තවත් පිරිසක් පාලන කණ්ඩායමක් ලෙස තබා ගෙන පරීක්ෂණ පවත්වා ඇත. පර්යේෂණ අවසානයේදී පෙනී ගොස් ඇත්තේ සැල්සා නැටුම්වල නිරත වූ පිරිස තුළ පාලන කණ්ඩායමට සාපේක්ෂව මානසික අවපීඩන රෝග ලක්ෂණ සහ සමාජීය කාංසාව සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි.
සැල්සා නැටුම් පන්තිවල පවතින ක්‍රමවත් රටාව සහ හවුල්කරුවන් මාරු කිරීමේ ක්‍රමවේදය මගින් සමාජීය සබඳතා ගොඩනඟා ගැනීම වඩාත් පහසු කරන බව මෙම පර්යේෂණයට සම්බන්ධ ආචාර්ය උපාධි අපේක්ෂක බ්‍රෙනන් ඩෙලැට්‍රේ පවසයි. කෙසේ වෙතත්, මෙය මානසික අවපීඩනය සඳහා වූ එකම ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කිරීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින්, තවදුරටත් සායනික පරීක්ෂණ අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
සමාජීය බෙහෙත් වට්ටෝරු (social prescribing) පිළිබඳ අදහස දියුණු කරමින් පවතින බව පවසන ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ආචාර්ය ඩැනියෙල් හේස්, තරුණ පරපුරට ප්‍රජා මට්ටමින් මෙවැනි සතුටුදායක ක්‍රියාකාරකම්වල නිරත වීමට අවස්ථාව ලබා දීම තුළින් මානසික සෞඛ්‍යය දියුණු කළ හැකි බව අවධාරණය කරයි. මෙය මානසික රෝග සුව කිරීමේ එකම මාර්ගය නොවුණත්, වර්තමාන සමාජය තුළ පවතින ආතතිය දුරු කර ගැනීමට සහ අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට මෙවැනි ක්‍රියාකාරකම් මගින් විශාල පිටුබලයක් ලැබෙන බව පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කරයි.