මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පාදක කරගනිමින්, එහි සිටි රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති වගකීම සහ වගවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කර ඇත.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) පාර්ලිමේන්තුවේදී මෙම විශ්වාසභංග යෝජනාවට සිය අත්සන් තබනු ලැබූහ.