ළදරු සත්කාරක සන්නාමයක් වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළෙඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, 'Baby Sherani' යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන ව්‍යාජ අනුකරණ සන්නාමයක පැමිණීමට එරෙහිවය.සැබෑ Baby Cheramy සන්නාමයට බෙහෙවින් සමාන නමක් යොදා පාරිභෝගිකයින් නොමග යැවූ නිසා හේමාස් සමාගම මගින් නීතිමය පියවර වලට යොමු විය.
අධිකරණ තීන්දුව මගින් දෘශ්‍යමාන ලෙස, ශබ්ද නැගීමේදී හෝ සංකල්පීය වශයෙන් සිදු කරන ඕනෑම අනවසර අනුකරණයක්, සමාගමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් වන බව සහතික කර ඇත.
මෙම තීන්දුවෙන් Baby Cheramy වෙත ලබා දී ඇති නීතිමය ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකේය පවුල් පරම්පරා ගණනාවක් තිස්සේ විශ්වාසය තැබූ මුල් සහ සැබෑ සන්නාමය ලෙස එහි දිගුකාලීන කීර්තිනාමය නැවත වරක් තහවුරු කර තිබේ.