
ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති පිරමිඩ ක්‍රමයේ ජාවාරම් මෙහෙයවන සහ ප්‍රවර්ධනය කරන ආයතන පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ අනාවරණයක් සිදු කර ඇත. මහ බැංකුව විසින් පෙරේදා (ජූලි 01) නිකුත් කරන ලද, යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට අනුව අලුතින්ම තහනම් කර ඇත්තේ ‘ඉන්ෆිනිටි රෝවර්’ (Infinity Rover (Pvt) Ltd) නමැති පෞද්ගලික සමාගමයි.
සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83(සී) වගන්තිය යටතේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මහ බැංකුව මෙම තීරණයට එළඹ තිබේ. මෙම නවතම ඇතුළත් කිරීමත් සමඟ මහ බැංකුව විසින් මෙතෙක් හඳුනාගෙන ඇති, මෙරට තුළ ක්‍රියාත්මක වන සමස්ත තහනම් පිරමිඩ ආයතන සහ යෙදවුම් (Apps) සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇත.
මහ බැංකුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ බැංකු පනත යටතේ මෙවැනි පිරමිඩ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි. මේ හේතුවෙන් මෙවැනි වංචනික ජාවාරම්වලට සම්බන්ධ වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
මහ බැංකුව විසින් නම් කරන ලද තහනම් පිරමිඩ ආයතන සහ යෙදවුම් 25ක සම්පූර්ණ ලැයිස්තුව පහත පරිදි වේ:
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet/ Questnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd./ Netrrix
22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
23. SGO/sgomine.com
24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත වෙබ් අඩවි (icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org)
25. Infinity Rover (Pvt) Ltd
මෙම ලැයිස්තුවට මීට පෙර ඇතුළත් වූ OnmaxDT, MTFE App සහ Qnet වැනි ආයතන මෙන්ම නවතම යෙදවුම් පිළිබඳවද මහජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහ බැංකු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.