
තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල, වජිර වංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ගාල්ලේ සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව ගන්දර පොලිසිය පවසයි.
අනතුරින් බස් රථ දෙකෙහිම රියදුරන් ඇතුළු විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත්, තවත් 15 දෙනෙකු තලල්ල සහ බතීගම රෝහල් වෙතත් ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.