the-iranian-refugee-who-said-he-could-not-be-molested-because-of-his-small-genitalia-is-found-guilty-in-a-london-court

තමාට ඇති ශාරීරික දුර්වලතා හේතුවෙන් ලිංගික අතවරයක් සිදු කිරීමට නොහැකි බවට තර්ක කළ 35 හැවිරිදි ඉරාන ජාතික සරණාගතයෙකු, කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ වරදට ලන්ඩන් අධිකරණයක් මගින් පසුගියදා වරදකරු කරනු ලැබුවා. හොසේන් මොහ්මූඩි නමැති මොහු, තමාට ලිංගිකව එක්වීමට නොහැකි තරම් කුඩා ලිංගික අවයවයක් පිහිටා ඇති බවත් අධික තරබාරුවෙන් පෙළෙන බවත් පවසමින් චෝදනාවලින් ගැලවීමට උත්සාහ කර තිබුණා.




2024 වසරේ නත්තල් සාදයකට සහභාගී වී නිවස බලා යමින් සිටි කාන්තාවක පසුපස, වයිට්චැපල් සිට ස්ට්‍රැට්ෆර්ඩ් දක්වා සැතපුම් තුනක පමණ දුරක් ඔහු පැමිණ තිබෙනවා. පැයක් පමණ කාලයක් ඇය පසුපස ලුහුබැඳ ඇති ඔහු, ඇය ගමන් කළ බස් රථයට ද ගොඩ වී ඇති අතර පසුව අතුරු පාරකදී ඇයට මෙලෙස පහර දී තිබුණා. කෙසේ වෙතත්, පාපැදිකරුවෙකුගේ ක්ෂණික මැදිහත් වීම හේතුවෙන් තත්පර 27ක් වැනි කෙටි කාලයක් තුළදී මෙම ප්‍රහාරය ව්‍යර්ථ වී ඇති අතර, වින්දිත කාන්තාව පවසා තිබුණේ අදාළ පාපැදිකරුවා විසින් තමාව බේරාගත් බවයි.

ස්නේයාර්ස්බෘක් (Snaresbrook) අධිකරණයේදී මෙම නඩුව විභාග වූ අතර, රජයේ නීතිඥ ක්‍රිස්ටියන් මොල් අධිකරණයට පෙන්වා දුන්නේ මොහු 2014 වසරේදී ඉරානයෙන් පිටත්ව තුර්කිය, ග්‍රීසිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලට නීතිවිරෝධීව ඇතුළු වී පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවයි. සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් පදවාගෙන බ්‍රිතාන්‍යයට පැමිණීම සම්බන්ධයෙන් මීට පෙර මාස 10ක සිරදඬුවමක්ද ඔහුට නියම වී තිබුණා. මීට අමතරව, ජර්මනියේදී ද පහරදීම් සහ අපරාධමය හානි සිදුකිරීම් සම්බන්ධයෙන් අවස්ථා පහකදී ඔහු වරදකරු වී ඇති බවත්, සුනඛයෙකු සමඟ ඇවිදිමින් සිටි කාන්තාවක පසුපස ලුහුබැඳීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ බවත් එහිදී හෙළි වුණා.




විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් හැරුනොෆ් අධිකරණය හමුවේ තර්ක කළේ, තම සේවාදායකයාගේ වෛද්‍ය තත්ත්වයන් මත තත්පර 27ක් වැනි කෙටි කාලයක් තුළ දූෂණය කිරීමට තැත් කිරීමක් සිදු කළ නොහැකි බවයි. දුම්පානය, විෂාදය සහ තරබාරුව හේතුවෙන් ඔහුට ලිංගික ආශාවන් අඩු බවද ඔහු එහිදී ප්‍රකාශ කළා. නමුත් විශේෂඥ මුත්‍රාවේදියෙකු වන වෛද්‍ය ජෝර්ජ් ෆෝව්ලිස් සාක්ෂි දෙමින් තහවුරු කළේ විත්තිකරුගේ ලිංගික අවයවය සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි. ප්‍රහාරයට පෙර දිනයේ ඔහු ලිංගිකත්වය සම්බන්ධ වෙබ් අඩවියක සැරිසරා ඇති බව පිළිගත් අතර එය තම ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගැනීමට පමණක් සිදුකළ බව පවසා තිබුණා. එමෙන්ම, ශුක්‍රාණු බැංකුවකට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා ඔහු කළ අයදුම්පතකට අදාළ ඊමේල් පණිවිඩයක්ද අධිකරණයේදී අනාවරණය වූ අතර, මොහු සඳහා නියම කරන දඬුවම ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

the-iranian-refugee-who-said-he-could-not-be-molested-because-of-his-small-genitalia-is-found-guilty-in-a-london-court

the-iranian-refugee-who-said-he-could-not-be-molested-because-of-his-small-genitalia-is-found-guilty-in-a-london-court