කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉතා සුවෙන් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී ඊයේ (23) පැවැසීය.ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළත් ඔහුට බටයක් මගින් ආහාර ලබාදීම කරන බවත් ඔහු ඇවිදිමින්, ඇඳුම් ඇඳ ගනිමින් වාට්ටුව තුළ කටයුතු කරන බවත් අමාත්‍යවරයා කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ සුවදුක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“සුරේෂ් සලේ මහතාගේ ප්‍රශ්නය වී තිබෙන්නේ ඔහු මුඛයෙන් ආහාර නොගන්නා එකයි. එහෙත් ජාතික රෝහලේදී ඔහුට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් තිබෙනවා. දැනට දින 16ක් ඔය කියන නම් හැටියට නිරාහාරවම සඳහන් ඉන්නෙ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔහු ඇවිදිනවා. ඇඳුම් ඇඳගන්නවා. බටයක් ආධාරයෙන් නහයෙන් ආහාර ගන්නවා.
ඒ පෝෂණය ඔහුට ලැබෙනවා. ඒ අනුව ප්‍රශ්නයක් නැතිව ඔහු ඉන්නවා. ඒ ප්‍රමාණයේ ආහාර ගෙදරිනුත් ඔහුට ගෙනත් දෙනවා. ඒ ප්‍රමාණය මදි නම් බිරිඳට කියන්න පුළුවන් වැඩිපුර ආහාර ගෙනත් දෙන්න කියලා.
ප්‍රශ්නය:- සුරේෂ් සලේ මහතාට ජීවිත අවදානමක් නැහැ කියලා ඔබ කියනවද?
පිළිතුර:- ඔහුගේ දැන් තියෙන ප්‍රශ්නය කන්නේ නැති එක. කන්න නොදෙන එක නෙමෙයි. කන්නේ නැත්තේ ඔහු. කන්නේ නැති එකට අට්ටාල ගහගෙන හරි රැස්වීම් තියාගෙන හරි මාධ්‍ය සාකච්ඡා හරි බෝධි පූජා තියාගෙන හරි වැඩක් නැහැ. බිරිඳයි දරුවොයි ගිහින් කියන්න ඕනෑ කන්න කියලා. ඕක එළියට ගිහිල්ලා වොයිස් කට් දීල කරන්න පුළුවන් දෙයක් නෙමේ. මහත්තයට කිව්ව්ව නම් කන්න කියලා ප්‍රශ්න ඉවරයි.
අනිත් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රටේ සිදු වූ මිලේච්ඡ ඝාතන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. එතකොට ඔහුට තිබෙන්නේ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියට සහාය වීමයි. ඒක තමයි නීතිගරුක පුරවැසියකුගේ වගකීම. ඒ අනුව කටයුතු කළා නම් හරි යැයි ද කීය.