it-was-not-my-fault-that-the-bus-fell-in-diyathala---the-driver

කොළඹ සිට බදුල්ල බලා අධික මගීන් පිරිසක් රැගෙන ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 42 දෙදෙනෙකු බරපතළ තුවාල ලබූ සිදුවීම පෙරේදා වාර්තා විය. පොසොන් පොහෝ දින නිවාඩුව හේතුවෙන් ගම්බිම් බලා යමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති අතර, තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 22 දෙනෙකු සහ කාන්තාවන් 20 දෙනෙකු වන බව වාර්තා වේ.

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් තුවාලකරුවන් සියලු දෙනා දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

WP ND - 8209 දරන මෙම පෞද්ගලික බස් රථය පොසොන් පෝය දින පස්වරු 6.15 ට පමණ කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළෙන් බදුල්ල බලා ගමන් ආරම්භ කර තිබේ. රාත්‍රී 9.30 ට පමණ කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ ආපනශාලාවකින් තේ පැන් විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව බස් රථය යළි ධාවනය කර ඇත. මගීන්ගෙන් පිරී ඉතිරී පැවති බස් රථය පසුදින අලුයම 1.00 ට පමණ දියතලාව ගල්කන්ද ප්‍රදේශය පසුකරමින් ධාවනය වී ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස් රථයේ රියදුරු වන 44 හැවිරිදි ප්‍රභාත් වීරසිංහ මහතා පවසන්නේ, මෙම අනතුර තමාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදු වූවක් නොවන බවයි. දියතලාව දුම්රිය ස්ථානය අසල පිහිටි දැඩි බෑවුම් සහිත වංගුව සහිත මාර්ගයේදී බස් රථය පාලනය කර ගැනීම සඳහා තිරිංග ක්‍රියාත්මක කළ ද ඒවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. එම අවස්ථාවේදීම බස් රථයේ ගියරය ද ගිලිහී ‘නියුට්‍රල්’ (Neutral) තත්ත්වයට පත්වීම නිසා වාහනයේ වේගය තවත් වැඩි වී ඇත. බස් රථය අසල වූ වේල්ලක ගැටවා හෝ නතර කර ගැනීමට රියදුරා දැඩි උත්සාහයක නිරත වුව ද එය ව්‍යර්ථ වෙමින් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පහළ දුම්රිය මාර්ගයට පෙරළී තිබේ.

අනතුර සිදු වූ අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් 15 දෙනෙකු පමණ ඉදිරියට විසිවී තමා මතට ඇද වැටීම නිසා මිනිත්තු කිහිපයක් යනතුරු තමන්ට රියදුරු අසුනේ සිරවී සිටීමට සිදු වූ බව ද රියදුරා පවසයි. පසුව දියතලාව පොලිස් නිලධාරීන්, යුද හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා බස් රථයේ සිරවී සිටි පිරිස් බේරාගෙන ඇත. අනතුර හේතුවෙන් රියදුරාගේ දෙපාවලට ද බරපතළ තුවාල සිදුවී ඇති අතර දියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

42-people-in-the-langama-bus-that-fell-off-a-slope-in-diyathala-are-in-hospital