driver-of-tractor-that-fell-into-vienna-canal-missing

මහියංගන වියානා ඇළට අද (21) පස්වරුවේ ට්‍රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරු දියේ ගිලි අතුරුදන්වී ඇතeයි මහියංගන පොලිසිය පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බව කියන ට්‍රැක්ටරයක් මෙසේ වියානා ඇලට පෙරලීගොස් ඇති බවත් පොලිසිය කීය .




මෙම ට්‍රැක්ටරය අරාවවත්ත ගිනිපෙට්ටි පාලම අසලදි මෙසේ වියානා ඇලට පෙරලීගොස් ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු පමනක් ට්‍රැක්ටරයේ ගමන් කර ඇතයි පොලිසිය සදහන් කලේය . මාපාකඩ දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් වියානා ඇළට පෙරළී ගොස් ඇත.අනතුරින් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. මහියංගන පොලිසියේ නිළධාරින් අවට ගම්වාසීන් සමග එක්වී වියානා ඇලේ අතුරුදන්වී සිටින පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටින බවත් මහියංගන පොලිසිය පවසයි .

ට්‍රැක්ටරය ගොඩගත් අවස්ථා‍වේ වීඩියෝව මේ සමග පළවේ

gossiplanka image