සමගි ජන බලවේගයේ (සජබ) ළාබාලතම සංවිධායකවරිය වන්නේ නීතිවේදී විශ්මි මෙනෙවියයි. ඇය පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට එක්වන ලෙස තරුණ ප්‍රජාවට නිරන්තරයෙන් ආරාධනා කර සිටියි.
ඇය මෙසේ කියයි"මහරගම ආසනයේ දැනට පත්වෙලා සිටින ලාබාලතම සහ ලාබාලතම සංවිධායකවරිය සහ කාන්තාව වන්නේ මමයි. එතකොට තරුණ තරුණියන් දේශපාලනයට එන එක ගැන කතා කරන්න ඕන.
අද වන විට තරුණ තරුණියන් දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගිය අලුත් දේශපාලනයක්. තමන්ගේ අදහස් වලට ඇහුම්කන් දෙන, තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන දේශපාලන නායකයෝ. මේ මොහොතේ මම ගෞරවයෙන් මතක් කරනවා අපේ පක්ෂයේ නායකයා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් හැම වෙලාවකම තරුණ තරුණියන්ගේ අදහස් වලට ඉඩ දෙනවා, ඇහුම්කන් දෙනවා. තරුණ තරුණියන් මේ වන විට දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ අර පවුල් පාලනයේ, දූෂණයෙන් එහා ගියපු දේශපාලන සංස්කෘතියක්. එතකොට ඒ සංස්කෘතිය නිර්මාණය කරන්න පුළුවන් වැදගත්ම කාණ්ඩයන් දෙකක් සිටිනවා. ඒ එකක් තමයි තරුණ තරුණියන්මයි. අනිත් එක කාන්තාවෝ.
ඉතින් මම ආයෙමත් ඉල්ලා සිටිනවා හැම තරුණ තරුණියක්ම, මේ ගමේ මේ ආසනයේ සිටින හැමෝටම අපිත් සමග එක්වන්න. අපිට ඔබව ඕනේ. ඔබ මේ පක්ෂයේ අපිත් සමඟ වැඩ කරපු එකට, අපේ නායකයෙක් බිහි කරමු අපි. ඊළඟ නිර්මාණකරුවන් වන්නේ කාන්තාවන්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සීයට පනහකට වැඩිය සිටින්නේ කාන්තාවෝ. මේ වන විට ලංකාවේ සිටින්නේ අගමැතිවරියක්. හැබැයි දේශපාලනයට එන කොට කාන්තාවෝ ගොඩාක් අඩුවෙන් තමයි දේශපාලනයට එන්නේ.
මේ ලංකාවේ දේශපාලනයට එන්නේ නැත්තේ ඔවුන්ට ලැබෙන අපහාස, ඔවුන්ට පොදු ප්‍රවාහන සේවයකවත් යන්න බැරි තත්වයක් අද වෙනකොට ඇති වෙලා තියෙන්නේ. මම කණගාටුවෙන් කියනවා, මේ වර්තමාන රජය පත්වෙනකොට කිව්වේ, 'ගැහැණු අපි එක මිටට' කියලා. හැබැයි ඔය ගැහැණු එක්කෙනෙක්වත් ආවේ නැහැ මේ ගෑණුන්ට අත්වෙලා තියෙන ප්‍රශ්නවලට ඉස්සරහට. කතා කරන්නේ. ඔවුන්ට ප්‍රශ්නයක් ආවම පාර්ලිමේන්තුව ඇතුලේ ඔවුන් කතා කරනවා. හැබැයි අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.
ඉතින් මම කියන්නේ කාන්තාවෝ දේශපාලනයට එන්නේ නැති ලොකු හේතුවක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ලැබෙන අපහාස හරිම නින්දිතයි, කැතයි. මම කියන්නේ කාන්තාවන්ට, ඔබතුමන්ගේ අයිතිවාසිකම් වලට පෙනී හිටින්න පුළුවන් ඔබතුමන්ලාට විතරයි. මම ආරාධනා කරනවා කාන්තාවන්ට, අපිත් සමඟ එක්වන්න."