ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සැපයීම කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, රටට අවශ්‍ය ඉන්ධන තොග සඳහා නිසි පරිදි ඇණවුම් ලබා දී ඇති බැවින් ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවද ඒ මහතා එහිදී තහවුරු කළේය.
මේ අතර, දැනට ක්‍රියාත්මක කෙරෙන QR කෝටා ක්‍රමවේදය නුදුරු අනාගතයේදී අත්හැරීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දෙනු ලැබීය. විදේශ විනිමය හෙවත් ඩොලර් රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සහ අනවශ්‍ය ලෙස ඉන්ධන භාවිත කිරීම සීමා කරමින් පාලනය කිරීම එම ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
එසේ වුවද, පවතින මහජන අවශ්‍යතාවයන් පිළිබඳව නිසි ලෙස සලකා බලා ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත ලබාදෙන ඉන්ධන කෝටා ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු වී ඇති බව ආචාර්ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
