ජාත්‍යන්තර බලවතුන් සමඟ පවත්වනු ලබන ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් යනු කිසිසේත්ම ‘යටත් වීමක්’ නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර සිටී. ඉරානයේ පරමාධිපත්‍යය සහ ජාතික අයිතිවාසිකම් සුරැකෙන පරිදි ශක්තිමත් ස්ථාවරයක සිට මෙම සාකච්ඡා පවත්වන බව පවසන ඔහු, තම පාලන පරිපාලනය කිසිදු අවස්ථාවක සතුරන් ඉදිරියේ හිස නැමීමට සූදානම් නැති බව පවසා තිබේ.
ජනාධිපතිවරයාට අනුව, මෙවැනි සාකච්ඡාවල මූලික අරමුණ වන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහ සමෘද්ධිය තහවුරු කිරීම මිස දුර්වලකම ප්‍රදර්ශනය කිරීම නොවේ.මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් වන්නේ කලාපීය නොසන්සුන්තාව සමනය කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කරුණු 14කින් සමන්විත නව සැලැස්මක් ඉදිරිපත් කර ඇති පසුබිමකය. ඉස්ලාමාබාද් නුවර හරහා ඇමරිකාව වෙත යොමු කර ඇති මෙම යෝජනාවලිය අදියර තුනකින් සමන්විත වන අතර, එහි පළමු අදියර ලෙස දින 30ක තාවකාලික සටන් විරාමයක් යෝජනා කර ඇත. ඇමරිකාව මීට පෙර ඉදිරිපත් කළ කරුණු 9කින් යුත් සැලැස්මට ප්‍රති-යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර ඇති අතර, ඉරානයේ අවසන් ඉලක්කය වන්නේ කලාපය තුළ පවතින යුදමය වාතාවරණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමයි.
ඉරානය විසින් ඉදිරිපත් කර ඇති මෙම නව කෙටුම්පත මඟින් ඇමරිකාව වෙත දැඩි කොන්දේසි කිහිපයක් පනවා තිබීම විශේෂත්වයකි. ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිරතා නැවැත්වීම සහ කලාපයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඒ අතර ප්‍රධාන වේ. එමෙන්ම ලෙබනනය තුළ සිදුකරන මෙහෙයුම් ඇතුළුව ඊශ්‍රායලයේ සියලු යුද ක්‍රියාකාරකම් නතර කරන ලෙස ද ඉරානය ඉල්ලා සිටී. මීට හිලව් වශයෙන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර පැවති තත්ත්වයට නැවත ගමන් කිරීම සහ උපායමාර්ගික නාවික මාර්ගවල වෙළඳ කටයුතු සඳහා පූර්ණ අවස්ථාව ලබා දීමට ඉරානය එකඟතාව පළ කර ඇත.
කෙසේ වෙතත්, මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මැද කලාපීය මුහුදු සීමාවන්හි යුදමය උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතී. විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සහ කටාර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල වීම වාර්තා වී ඇති අතර, ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුව අනතුරු අඟවා ඇත්තේ තම රට මෙතෙක් අනුගමනය කළ ‘සංයමයේ ප්‍රතිපත්තිය’ අවසන් වී ඇති බවයි. ඇමරිකානු ප්‍රහාරක යානා විසින් ඉරාන නෞකාවලට ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා හමුවේ, ඉදිරියේදී ඇමරිකානු නෞකා හෝ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
