nadisha-wins-the-silver-medal-in-javelin-throw

දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු  මලල ක්‍රීඩා තරගාවලියේදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබේ. මීටර 56.79ක දුරක් වාර්තා කළ ඇයගේ මෙම දක්ෂතාව, මෙවර තරග වාරයේදී ඇය දැක්වූ ඉහළම දස්කම ලෙස සටහන් වේ.

මෙම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම ජපාන ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියටම සමගාමීව පැවැත්වෙන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ සිය මූලික වටයේ තරග නිමා කරමින් එහි අවසන් මහා තරගය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන ඇත.