former-sri-lankan-ceo-kapila-chandrasena-commits-suicide

12.15 pm
කපිල චන්ද්‍රසේන මහතා ඊයේ රාත්‍රී කාලයේදී ඒ මහතා සිය මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ ලැගුම් ගෙන සිට ඇති බවද අනාවරණය වී ඇත.

11.15 am
දොරක උළුවස්සක එල්ලෙමින් තිබිය දී කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරණ නිවසේ කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සොයාගත් ස්ථානය පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා මේ වනවිට එහි පැමිණ ඇති අතර විමර්ශන කටයුතු සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ද සහාය ලබාගෙන තිබෙයි.



10.13 am
කපිල චන්ද්‍රසේන සිරුර හමුවූ නිවස අවට දැන් තත්වය වීඩියෝව පහතින්

gossiplanka image

10.00 am
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේ උළුවස්සක එල්ලෙමින් ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය. 

9.10 am update
කපිල චන්ද්‍රසේන ඔහුගේ බාන්ස් පෙදෙසේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සිට නොමැති බවත්, පසුව කොල්ලුපිටියේ නිවසක ඔහුගේ දේහය හමු වී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග වාර්තා කරයි.

මේ වන විට මරණය සිය දිවි නසාගැනීමක් ලෙස දැනට වාර්තා වන නමුත්, සිදුවීම පිළිබද ඉදිරියේදී විමර්ශන කළ යුතුව තිබෙන බව වාර්තා වේ. 



9.00 am update
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමුවී තිබේ.




ඔහු ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී ඇප සම්බන්ධ ගැටලුවකට යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණි.

මහින්ද රාජපක්ෂ අල්ලස් ලබාගැනීම සම්බන්ධ විශේෂ සාක්ෂි හෙළි කර තිබුනේ ඔහුය.කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී සැක සහිත ලෙස මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය තහවුරු කළේය.
වැඩිදුර තොරතුරු ඉදිරියට