අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි විහාරාධිපති අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඊට අදාළ නඩුවට ඊයේ (22) සහභාගීවීමත් සමග ජාත්‍යන්තර මාධ්‍ය තුළ තහවුරු කළ පුවතක් ලෙස මෙම අපයෝජන ක්‍රියාව වාර්තා කර තිබේ. විශේෂයෙන් AP හා AFP පුවත් ජාලාවන් ඔස්සේ මෙය වාර්තාවීම නිසා ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍ය එම ජාලය උපුටමින් මෙම සිද්ධිය ලොවට ප්‍රකාශ කර ඇති අතර බොහොමයක සඳහන් වන්නේ මෙලෙසිනි.
"බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවක් සිකුරාදා දිනයේදී ශ්‍රී ලංකා අධිකරණයක් විසින් ඇප මත මුදා හැර තිබේ. බුදුදහම ප්‍රධාන ආගම වන මෙරට සමාජය තුළ මෙම සිදුවීම දැඩි ආන්දෝලනයකට මෙන්ම උණුසුම් සංවාදයකට තුඩු දී ඇත.
මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ 71 හැවිරිදි පල්ලේගම හේමරතන හිමියන් ය. වයස අවුරුදු 14ක දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත මෙම මාසයේ මුලදී උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබීය. භික්ෂුවගේ මෙම ක්‍රියාවන්ට අනුබල දීමේ චෝදනාව මත අදාළ දැරියගේ මව ද මේ සමඟම අත්අඩංගුවට පත් වූවාය.
වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා සැකකාර හිමියන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබුණි. එහෙත් සිය සෞඛ්‍ය ගැටලු පෙන්වා දෙමින් අදාළ සම්පූර්ණ කාලසීමාව රෝහලක් තුළ ගත කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබේ." එවැනි වාර්තා කිරීම් කිහිපයක ස්ක්‍රීන් රූප මේ සමග පළවේ.
