bimal-speak-carefully---tissakuttiarachi

වර්තමාන රජය සහ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටින්නේ, මෙය ජනතා විමුක්ති පෙරමුණට අයත් රටක් නොවන බැවින් ප්‍රකාශ නිකුත් කිරීමේදී සිය වචන භාවිතය පිළිබඳව දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු බවයි. තමා ද මේ රටේ සමාන අයිතිවාසිකම් ඇති සාමාන්‍ය පුරවැසියෙකු බව සිහිපත් කරන හෙතෙම, පාලකයන්ට ජනතාවට වඩා කිසිදු විශේෂ වරප්‍රසාදයක් නොමැති බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය මේ වන විට සාමාන්‍ය ජනතාව දැඩි අසරණභාවයකට පත් කර ඇති බව පෙන්වා දෙයි.

"ජනතාවට පමණක්ම වගකියන, ජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් පාලකයාට නෑ කියලා, ජනතාව සුඛිත මුදිත කරනවා කියලා ආපු මේ ආණ්ඩුවේ, මේ ජනතාවගේ, දුප්පතාගේ ජනාධිපතිවරයා සහ දුප්පතාගේ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව මේ වෙනකොට කරන වැඩපිළිවෙළ නිසා කවුද මේ අසරණ වෙන්නේ?




දැන් ඊයේ මං බලනකොට පාර්ලිමේන්තුවේ බිමල් රත්නායක කියනවා විපක්ෂය කෑගහන්න එපා, විපක්ෂය කතා කරන්න එපා, ජනතාව විසින් බලය දීපු ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ ඉන්නේ, ජනතාව බලය දීලා තියෙන්නේ අපිට, ඒ නිසා විපක්ෂයට කතා කරන්න දෙයක් නෑ කියලා. අපිට ඕන විදිහට තමයි අපි රට පාලනය කරන්නේ, ඒකට අපිට බලය දීලා තියෙනවා කියලා.

බිමල් රත්නායක ඇමතිතුමා, ඔබතුමාට එක දෙයක් මතක් කරනවා; මමත් මේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. දේශපාලනය පැත්තකින් තියන්න, ඔබතුමා පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන කතා කරන්න. ජේවීපී එකේ රටක් නෙවෙයි මේක. අනුර කුමාර සහෝදරයාගේවත්, හරිනි සහෝදරියගේවත්, බිමල් රත්නායකගේවත් රට නෙවෙයි මේක. ඒකත් ඔබතුමා මතක තියාගන්න. සභානායක විදිහට ඔබතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන විපක්ෂයට ඇඟිල්ල දික් කරලා කතා කරන්න, ඒත් රටවැසියෝ විදිහට අපිට ඇඟිල්ල දික් කරන්න ඔබතුමාට අයිතියක් නෑ."