malanis-statue-is-installed-in-gurukula-vidyalaya

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් ඊයේ (30) කැලණිය ගුරුකුල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. කැලණිය ගුරුකුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක ද වන ඇයගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම අභිමානවත් උත්සවයේදී, පාසල් පරිශ්‍රය තුළ ඇයගේ උඩුකය ප්‍රතිමාවක් නිරාවරණය කිරීම සිදු විය.

ඊට සමගාමීව විද්‍යාලයේ නවීකරණය කරන ලද ප්‍රධාන ශාලාව "මාලිනී ෆොන්සේකා රඟ ශාලාව" ලෙස නිල වශයෙන් නම් කිරීමද මෙහිදී සිදු කෙරිණි.




මෙම සුවිශේෂී උපහාර උලෙළ, ගුරුකුල විද්‍යාලයේ වත්මන් විදුහල්පති කේ. ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් වන ඇයගේ සහෝදර සහෝදරියන් වන කල්‍යාණි ෆොන්සේකා, දමයන්ති ෆොන්සේකා සහ නිමල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු ඥාතීහු පිරිසක් සහභාගී වී සිටියහ. මීට අමතරව, ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු කලාකරුවන් රැසක්ද, පාසලේ ආදි සිසුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

malanis-statue-is-installed-in-gurukula-vidyalaya

malanis-statue-is-installed-in-gurukula-vidyalaya

malanis-statue-is-installed-in-gurukula-vidyalaya

malanis-statue-is-installed-in-gurukula-vidyalaya