
කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරි නියුතු පොලිස් කොස්තාපල්වරියකට වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ අවස්ථා ගණනාවකදී සිය නිරුවත ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබළෙකු ජයපුරම් පොලිසිය විසින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරනු ලබන, අනුරාධපුර ඇලයපත්තුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිය සහිත හතළිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. අදාළ කොස්තාපල්වරිය විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක කළ දීර්ඝ පොලිස් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එම පැමිණිල්ලේ සඳහන් අන්දමට වට්ස් ඇප් ඔස්සේ ඇයට වරින්වර ඇමතුම් ලබාගෙන ඇති සෙබළාට තමා නැවත අමතන්නට එපා කියා තිබියදීත් කරදරකාරී ලෙස පණිවිඩ ලබාදී ඇති අතර තමා සමග යහන්ගතවන ලෙස කෙටි පණිවිඩ එවන අතරවාරයේ විවිධ කෝණවලින් තමන්ගේ ලිංගේන්ද්‍රය විදහා දක්වන හා චලනය කරන වීඩියෝ කොටස් එවමින් ඇයව බරපතල මානසික අපහසුතාවයකට ලක්කර තිබේ.
එම වීඩියෝ වලදී සෙබළා ඇයව ලිංගික ක්‍රියාවලියකට පෙළඹවීමට දැඩි බලපෑමක් කරමින් අසභ්‍ය කාරණා කථා කර ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.
මසබළාගේ හිරිහැරය ගැන කොස්තාපල්වරිය තමන් රාජකාරී කරන පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ ගැන උනන්දුව අඩුවෙන් පැවතී ඇති අතර සෙබළා අත්අඩංගුවට පත්වන්නේ මාස 10 කට පසුය.
කාන්තාවකට සිය නිරුවත පෙන්වමින් ලිංගික හිංසනයක් සිදු කිරීමේ චෝදනාව මත මෙම සැකකාර හමුදා සෙබළා සම්බන්ධයෙන් ජයපුරම් පොලිසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතියි. එම පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
