basil-cant-come-to-the-case-because-the-doctors-say-he-shouldnt-travel

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනට පසුවන අසනීප තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වල නිරත වීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබා දී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ අතර, පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කිසිදු ගුවන් සමාගමක් ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බවද හෙළි කළේය.




බැසිල් රාජපක්ෂ මහතා නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ද හිටපු අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු නියමිත පරිදි අධිකරණයට ඉදිරිපත් නොවන අවස්ථාවලදී වරෙන්තු නිකුත් කිරීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් බවයි.

පැය ගණනාවක් පුරා දිවෙන දීර්ඝ ගුවන් ගමන් සඳහා සහභාගී වීමට බැසිල් රාජපක්ෂ මහතාට දැනට පවතින සෞඛ්‍යමය නොහැකියාව වෛද්‍ය වාර්තා මඟින් මනාව පැහැදිලි කර ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම රෝගී තත්ත්වයෙන් සුවය ලැබූ සැනින් ඒ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් පසුවන බවද ඔහු අවධාරණය කළේය.