a-political-upheaval-in-tamil-nadu-signs-that-vijay-will-get-the-chief-ministers-chair

2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් අද (මැයි 04) උදෑසන 8.00ට පමණ ආරම්භ වූ අතර, මේ වන විට නිකුත් වී ඇති මූලික මැතිවරණ ප්‍රවණතා මගින් ප්‍රාන්ත දේශපාලනයේ දැවැන්ත පෙරළියක් පෙන්නුම් කරයි.

පසුගිය අප්‍රේල් 23 වන දින ප්‍රාන්තයේ ඇති සියලුම ආසන 234 සඳහා එකවර ඡන්ද විමසීම පැවැත්වුණු අතර, ඒ සඳහා සියයට 85.1ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් සටහන් විය.

මේ වන විට ලැබී ඇති මූලික ප්‍රතිඵල අනුව දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයිගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්‍රි කලගම්' (TVK) පක්ෂය ආසන 100 සීමාව පසු කරමින් ආසන 109කට අධික සංඛ්‍යාවක පෙරමුණ ගෙන සිටින අතර, එය දශක ගණනාවක් පුරා තමිල්නාඩුවේ පැවති ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ ද්විත්වයේ ආධිපත්‍යය බිඳ දැමීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

එඩප්පාඩි කේ. පලනිස්වාමිගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂය වන AIADMK පක්ෂය ආසන 73කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවන අතර, වත්මන් මහඇමති එම්.කේ. ස්ටාලින්ගේ පාලක DMK සන්ධානයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

මෙම මැතිවරණයේ විශේෂත්වය වන්නේ තමන් තරඟ කළ පෙරම්බූර් සහ තිරුචිරාපල්ලි (නැගෙනහිර) යන ආසන දෙකෙන්ම නළු විජෙයි සැලකිය යුතු ඡන්ද පරතරයකින් පෙරමුණ ගෙන සිටීම සහ වත්මන් මහඇමති එම්.කේ. ස්ටාලින් කොලතූර් ආසනයෙන් පසුබා සිටීමයි.

2024 වසරේ පෙබරවාරි මාසයේදී සිය සිනමා දිවියට සමුදෙමින් පූර්ණකාලීන දේශපාලනයට පිවිසි විජෙයි, වෙනත් කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවී මෙවර මැතිවරණයේදී ආසන 234 සඳහාම තනිව තරඟ කරමින් සිය පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කළේය.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මූලික වශයෙන්ම තරුණ ප්‍රජාව සහ පළමු වරට ඡන්දය භාවිතා කරන්නන් ඉලක්ක කරගත් අතර, ගෘහමූලික කාන්තාවන් සඳහා මසකට රුපියල් 2500ක මූල්‍ය ආධාර, වසරකට නොමිලේ ගෑස් සිලින්ඩර 6ක්, අඩු ආදායම්ලාභී පවුල්වල මනාලියන් සඳහා රන් ග්‍රෑම් 8ක් සහ මත්ද්‍රව්‍යවලින් තොර පාසල් කලාප ඇති කිරීම වැනි පොරොන්දු රැසක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ජනතාවට ඉදිරිපත් කර තිබුණි.

මූලික ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම TVK පක්ෂ ආධාරකරුවන් මේ වන විටත් වීදි බැස සිය ජයග්‍රහණය සමරමින් සිටින අතර, පරාජයේ සේයා දුටු DMK පක්ෂ මූලස්ථානය වන චෙන්නායි හි අන්නා අරිවාලයම් හි ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් පවා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.