හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
අතීතයේදී තමන්ට ජීවත් වීමට හෝ නිසි ආදායමක් නොමැති බවත්, තම බිරිඳගේ වැටුපෙන් ඉතා අමාරුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් හිතවතුන්ගේ සහ සහෝදරවරුන්ගේ උපකාර මත යැපුණු බවත් පැවසූ ලාල් කාන්ත මහතා, හදිසියේම මහා ධනවතෙකු බවට පත්වීම පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කර ඇත. කෝටි 8 කෝටි 46 ලෙස අර්ථ ගැන්වූ හිරු නාලිකාවට සුළු අතපසුවීමක්වී ඇති බවද ඔහු කියයි."එතුමාම කිව්වා නේ අපිට ජීවත් වෙන්න විදිහක් නෑ, කන්න විදියක් නෑ කියලා. අපේ ලාල්කාන්ත මැතිතුමා ඉතා පැහැදිලිවම කිව්වා එතුමාගේ නෝනගේ වැටුපෙන් බොහොම අමාරුවෙන් දරුවාගේ ටියුෂන් ගාස්තු ගෙවලා තමයි ඒක කරන්නේ කියලා. "මම ඉතින් ඒ ඒ සහෝදරවරුන්ගෙන්, හිතවතුන්ගෙන් පිනට කාලා ඇඳලා තමයි ඉන්නේ" කියලත් කිව්වා. හරියට පිංගුත්තරයෝ ටිකක් මේ ආණ්ඩුව භාර ගත්තා වගේ, පිංගුත්තර කණ්ඩායමක් තමයි රට භාර ගත්තේ.
ඉතින් රට භාරගත්ත ඒ පිංගුත්තරයෝ ටික, එකපාරටම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වලින් මේ වගේ මහා ධනවතුන්, අතිධනවතුන් වීම පිළිබඳව රටේ මිනිස්සු ඉන්නේ පුදුමයෙන්. ඉතින් ඒ නිසා ඒ පුදුමයට උත්තර දෙන්න ඕනේ.
මොකද මං දැක්කා එක්තරා මාධ්‍ය නාලිකාවක ඉඳන් කියනවා මේවා එකතු කිරීමේදී, වැඩි කිරීමේදී වුණු අතපසුවීමක් වෙලා තියෙනවා කියලා. නමුත් ඒක නෙමෙයිනේ කාරණාව. තමන්ට කන්න අඳින්න නෑ, අනුන්ගෙන් යැපිලා ජීවත් වෙනවා කියපු ලාල් කාන්ත සහෝදරයා, වර්තමානයේ සිටුවරයෙක් විදිහට මහා ධනයක් උපයා ගත්තේ කොහොමද? කෝටි අටක තරම් වත්කමක් උපයා ගත්තේ කොහොමද? කෙනෙක් ඒ තරම් මුදලක් උපයා ගත්තේ කොහොමද? ඉතින් ඒකට උත්තර දෙන්න බෑ."

