lal-kanta-was-arrested-for-staying-in-madivela-mps-house-without-permission

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් නව ජනතා පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (23) දිනයේදී පැමිණිල්ලක් ගොනු කර තිබේ.




අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා වසර දාහතරක පමණ කාලයක් තිස්සේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රැඳී සිටිමින් මෙම දේපළ අවභාවිතය සිදු කර ඇති බවයි. කේ.ඩී. ලාල්කාන්ත මහතා 2001 වසරේ දෙසැම්බර් 19 වනදා සිට 2010 වසරේ පෙබරවාරි 09 වනදා දක්වා කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, ඉන් අනතුරුව මන්ත්‍රී ධූරයක් නොදැරූ සමයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්ම වෙන් වූ මාදිවෙල නිවාස සංකීර්ණයේ ඩී-10 (D-10) දරන නිවසේ 2010 සිට 2024 වර්ෂය දක්වාම අඛණ්ඩව පදිංචි වී සිටි බව නව ජනතා පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන පුද්ගලයෙකුට මෙවැනි දීර්ඝ කාලයක් රජයේ නිල නිවාසයක් පරිහරණය කිරීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම පෙරමුණේ නියෝජිතයින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, මෙම බරපතළ දූෂිත ක්‍රියාවට සම්බන්ධ කෘෂිකර්ම අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් අදාළ බලධාරීන්ට අවධාරණය කර ඇත.