it-was-revealed-that-the-easter-attack-had-been-planned-for-two-years---minister-of-public-security

2019 අප්‍රේල් 21 වැනිදා පුපුරා ගියේ හුදෙකලා බෝම්බයක් නොවේ; එය වසර ගණනාවක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස පරිස්සමින් වියන ලද මාරක කුමන්ත්‍රණයක අවසන් පිපිරීම පමණි.




පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හදිසි සිදුවීමක් නොව, 2017 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද මහා පරිමාණ කුමන්ත්‍රණයක ඛේදනීය ප්‍රතිඵලයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් අනාවරණය කළේය.

දේවස්ථාන සහ හෝටල් තුළ අහිංසක ජීවිත සිය ගණනක් බිලිගනිමින් ලේ විලක් මැවූ ඒ ඛේදවාචකය එක රැයකින් අහම්බෙන් සිදුවූවක් නොවේ. වව්නතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සිට මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම මෙන්ම තස්ලීම් නමැත්තාට වෙඩි තැබීම සහ කාත්තන්කුඩි යතුරුපැදි පිපිරීම දක්වා වූ සියලුම සිදුවීම් එක් මාරක දාමයක පුරුක් බව මේ වන විට රහස් පොලිස් විමර්ශන මගින් මනාව තහවුරු වී තිබේ. අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ කීය. “පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.




2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23 දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා.”

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව



“පාස්තු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව මේ වෙනකොට තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මීට පෙරාතුව මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභායේ ශාක්ෂි ලැයිතුවේ පළමු ශාක්ෂිකරු විදිහට නම් කරලා තියෙනවා. 2024.10.11 කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනකොට අදාළ සැකකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා. යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා වක‍්‍රකාරව කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා.”

පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් භාවයකින් ඉදලා

” හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳව පුර්ව දැනුවත් භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණ අනාවරණය වෙලා තියෙනවා. ඒ විමර්ශනත් නිවැරදිව සිදුවෙනවා.”

සහරාන්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙක් සහ කණ්ඩායමක් සිටින බවට සාක්ෂි

“පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ.”