සැපයුම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස දිගුකාලීනව පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. උසස් ගුණාත්මකභාවය සහ පාරිභෝගික අවශ්‍යතාවයට ගැලපෙන සේවාවන් මඟින් එම කර්මාන්තයේ තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගමන් කිරීමට ඔවුනට හැකියාව ලැබි ඇත.
වසර 40කට වැඩි ක්ෂේත්‍ර පළපුරුද්දක් සමඟින්, වසර 175කට අධික ඉතිහාසයක් රැගෙන යන Delmege සන්නාමය ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් ප්‍රමුඛ සන්නාමයක් ලෙස පවතියි.
විදුලි කාර්මිකයන්, ජල නල කාර්මිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු වෘත්තීයවේදීන් අතර මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන් අතරද මෙම සන්නාමය පුළුල් පිළිගැනීමක් හා දැඩි විශ්වාසයක් ලබාගෙන ඇත.
රටපුරා විහිදුණු ශක්තිමත් වෙළෙඳ සහ බෙදාහැරීම් ජාලයක් හරහා Delmege Building Products නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගත හැකියි. වෙළෙඳුන් සහ බෙදාහැරීම්කරුවන් සමඟ දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාම මෙම සමාගමේ විශේෂත්වයකි.
පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන Delmege Building Products අලෙවියෙන් පසු සේවාවන්, නිවසටම පැමිණ අලුත්වැඩියා සහ තාක්ෂණික සහාය ලබාදීම මඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇත.
Delmege Building Products සතුව විවිධ අවශ්‍යතා සපුරාලන පුළුල් නිෂ්පාදන එකතුවක් පවතී. එහි Water Heaters, Water Geysers, CPVC සහ Dux ජල නල, නවීන ජල පොම්ප, LED බල්බ, Switchgear, Electrical Accessories, විදුලි උපකරණ සහ විවිධ විදුලි පංකා වර්ග ඇතුළත් වේ. මෙම සියලු නිෂ්පාදන ආරක්ෂාව, විශ්වාසනීයතාව සහ දිගුකාලීන භාවිතය මූලික කරගනිමින් නිර්මාණය කර තිබේ.
එසේම, “Safe Water Makes Safe People” යන තේමාව යටතේ 2026 ලෝක ජල දිනය සමරමින්, ආරක්ෂිත ජල භාවිතය හා සුරක්ෂිත ජීවිතයක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සමාගම කැපවී සිටියි.
Delmege Building Products සමාගම කර්මාන්තයේ වෘත්තීයවේදීන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයන් සඳහා පුහුණු වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කරයි. ඉදිරියේදී මෙම වැඩසටහන් ජල නල කාර්මිකයන් සඳහා ද සමාගම සැලසුම් කර ඇත.
එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වන Delmege Building Products නිෂ්පාදන, නිවැරදි ජල ප්‍රවාහය, විදුලි ආරක්ෂාව සහ උපරිම පහසුව සපයමින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව උසස් කිරීමට දායක වේ.
Delmege Building Products නිෂ්පාදන දිවයින පුරා වෙළඳ ජාලයන් හරහා පහසුවෙන් ලබාගත හැකි අතර, කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි මූලස්ථානය සමඟ සෘජුව සම්බන්ධ කර ගැනීමෙන් ද එම නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු හා සේවාවන් ලබාගත හැකිය.
