anura-could-have-celebrated-his-birthday-with-kasuns-son-and-daughter-in-law---wimal

හිරැ නාලිකාවේ සලකුණ වැඩසටහනට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙසේ කියා තිබේ.




විමල්: රාජ්‍ය මට්ටමින්, රාජ්‍ය නායකයා චාරිත්‍ර වාරිත්‍ර කරනවා අපි දැක්කේ නෑ. ලිප ගිනි මොළවන තැන ඉඳන් ආහාර පිසින එක මේ... 

නිවේදකයා: අනුරාධපුරේ කරානෙ... 

විමල්: ඒ අලුතෙන් ගෙවදින ගෙදරට ගිහිල්ලා, ඒ ගෙදර කිරි උතුරවලා, කළේ දිහා බලාගෙන කට්ටිය සීරුවෙන් හිටියා. ඔවුන් ඒක... ඒක අලුතෙන් හදපු නිවසට ගෙවදින... එකක් අලුත් අවුරුදු සුබ නැකත් ගැන නම් මම දන්නේ නෑ . ඒ දවස සමහරු කියනවා වෙන දවසක්, ඊට කලින් දවසක් කියලා. හිටගෙන කරන උත්සවයක්...

අවුරුදු නැකත් ගන්න කෙනෙක් තමන්ගේ ගෙදර නැත්නම් පොදු මොකක් හරි තැනක, එක්කෝ අපි හිතමු දැන් රටේ ජනාධිපති කියන කෙනා තමන්ගේ පවුලේ අයත් එක්ක අලුත් අවුරුදු සමරන එක තමයි සාමාන්‍යය. දැන් කසුන් කියල පුතෙක් ඉන්නවා, පුතයි බිරිඳයි ජනාධිපති එහෙම එකට ගන්න එකක්, ඒ පුතාට එන්න කියලා, බිරිඳ ගෙන්වල, ඒ ඔක්කොම එකට ගන්න එකක්. මම කියන්නේ, කොහොම හරි මේ රාජ්‍ය මට්ටමින් අගමැතිනියයි, විජිත හේරත් මහත්තයයි කට්ටිය ගිහිල්ලා ගම්පහ මොකක්ද එකක් පෙන්නුවා. ඒකෙ කොහෙවත් මේ අර මූලික චාරිත්‍ර නෑ.




නිවේදකයා, මොකක්ද මේකේ පදනම? පැති දෙකක් කියනවානේ. මේ සෝෂල් මීඩියා ඇතුළු මාධ්‍යවල කියනවා 'මහින්ද රාජපක්ෂ අලුත් අවුරුදු උත්සවය සමරන්න ගියපු වියදම මෙන්න, අපේ රාජ්‍ය නායකයෝ සමරන්න ගියපු වියදම මෙන්න' කියලා. එතකොට හැමදාම ඇතිවන ප්‍රශ්න... ගැන පරීක්ෂණ. හැමදාම එන ප්‍රශ්නය තමයි මේගොල්ලන්ට පවුලක් නෑ. සමහරුන්ට බිරිඳක් නෑ. සමහරුන්ට සැමියෙක් නෑ. ඔය එකත් මේ පැත්තෙම දාලා, රාජපක්ෂලාගේ වාර්ෂික වියදම් ඔය දෙක අතර දෝලනය වෙනවා. ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?

විමල්: සල්ලි වෙන ප්‍රශ්නයක්, යාපනේ ගිහිල්ලා තෛපොංගල් සමරන්න ලක්ෂ එකසිය දහයක් ගියේ නැද්ද? ඒ සමරුවට අපි ප්‍රශ්න කළා ද? ඒ දෙකේ වියදම. උතුරේ දෙමළ ජනතාවගේ සංස්කෘතික දේට රාජ්‍ය නායකයන්ට ඕනා. ඒක ගණන් හදන එක නෙවෙයි වැඩේ. ඒක අපි ප්‍රශ්න කරන්නේ නෑ. මේ රටේම ප්‍රධාන ජාතියේ අලුත්...අවුරුද්දයි. ඒ චාරිත්‍ර වාරිත්‍ර ටික සමරන්න බැරි රටේ ජනාධිපති, 'ඒ සල්ලි' කියලා සල්ලි වියදම් කිරීම නතර කරන්න කියලා කියනවා නම්, ඒක ඒ තරම් තක්කඩිකමක්. ඒ තරම් අසංස්කෘතික, රසවින්දනයක් නැති, මේ සභ්‍යත්වයට කිසිම හිස නැමීමක් නැති දෙයක්.

gossiplanka image