සාරියක අලංකාරයත්, සුරූපී බවත් එකට මුසු වූ විට මැවෙන අසිරිමත් රූපකායට සජීවී උදාහරණයක් ලෙස තේජු අශ්විනි හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. දමිළ සිනමාවේ සහ වෙබ් කතා මාලාවන්හි දිදුලන තාරකාවක් ලෙස සිය අනන්‍යතාව ගොඩනඟා ගනිමින් සිටින ඇය මේ වන විට ඉන්දියානු කලා ක්ෂේත්‍රය තුළ වේගවත් මෙන්ම ස්ථාවර ගමනක් ආරම්භ කර තිබේ.
විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරන ඇය, විශේෂයෙන්ම සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම් විලාසිතාවන්ට මුසු කළ අපූර්ව ලාලිත්‍යය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් දිනාගැනීමට සමත් වී ඇත.බොහෝ නිළියන් නිරූපණ ක්ෂේත්‍රයෙන් සෘජුවම රිදී තිරයට පිවිසෙන විට, තේජුගේ ගමන් මග ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. චෙන්නායි හි ස්ටෙලා මැරිස් විද්‍යාලයෙන් මූලික උපාධියත්, මදුරාසි සමාජ වැඩ පිළිබඳ පාසලෙන් පශ්චාත් උපාධියත් ලබාගත් ඇය, තිරයේ පෙනෙන අලංකාරයට වඩා ගැඹුරු බුද්ධිමය පසුබිමක් සහිත තරුණියකි. සමාජ සත්කාරක විෂයයන් හැදෑරූ තැනැත්තියක ලෙස කලා ලෝකයේ දිලිසෙන තරු අතරින් ඈ තුළින් විද්‍යාමාන වන නිහතමානී බව සහ සංවේදීතාව ඇගේ ප්‍රේක්ෂකයින්ට නිතර සමීප වීමට ප්‍රබල හේතුවක් වී ඇත.
කෙටි චිත්‍රපට සහ වෙබ් කතා මාලා හරහා සිය රංගන ප්‍රතිභාව උරගා බැලූ තේජුට, ජනප්‍රිය දමිළ සිනමාවට පිවිසීමට වැඩි කාලයක් ගත වූයේ නැත. 'කල්‍යාණ සමයල් සාදම්' වෙබ් කතා මාලාවෙන් සිය වෘත්තීය ගමන ඇරඹූ ඇය, 'පැරිස් ජෙයරාජ්' චිත්‍රපටයේ ආරාධිත රංගනයක් හරහා සිනමා දොරටුව විවර කර ගත්තාය. ඉන් අනතුරුව 'කාතු වාකුල රෙන්ඩු කාදල්' සහ 'එන්න සොල්ල පෝගිරායි' වැනි ජනප්‍රිය සිනමාපට හරහා සිය රංගන පරාසය පුළුල් කරගත් ඇයට, ජී.වී ප්‍රකාශ් කුමාර් සමඟ ප්‍රධාන චරිතයකින් එක් වූ 'බ්ලැක්මේල්' ත්‍රාසජනක චිත්‍රපටය ඇගේ සිනමා දිවියේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් විය. එම චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර සිය ජීවිතය තවත් ආලෝකමත් කළ බව පවසන ඇය, මේ දිනවල සිය මීළඟ සිනමා ආගමනය වන 'නවාබ් කැෆේ' චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සමඟින් කාර්යබහුල වී සිටියි.
තේජු යනු හුදෙක් සිනමා නිළියක් පමණක් නොව, සමාජ මාධ්‍ය ජාලා තුළ ද දැවැන්ත බලපෑමක් කළ හැකි තරුණියකි. ආයුර්වේද රූපලාවන්‍ය රහස්, සිය සංචාරක අත්දැකීම් මෙන්ම සාම්ප්‍රදායික සාරි විලාසිතාවන්ගෙන් හැඩගැන්වුණු ඇගේ මනරම් ඡායාරූප අන්තර්ජාලය පුරා නිරන්තරයෙන් සැරිසරයි. එළඹෙන මැයි මාසයේ සිය තිස්එක් වැනි උපන්දිනය සැමරීමට සූදානම් වන ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව රසිකයන් තුළ ඇත්තේ නොතිත් කුතුහලයකි. විශේෂයෙන්ම 'බිග් බොස්' දමිළ 9 වැනි අදියර සඳහා ඇය සහභාගී වනු ඇතැයි යන රාවය මේ දිනවල කලා ලෝකය තුළ දැඩි උණුසුමක් නිර්මාණය කර තිබුණද, ඇය තවමත් සිය පෞද්ගලිකත්වය දැඩි සේ ආරක්ෂා කරගනිමින් සිටියි.
කෘත්‍රිමව මවාගත් ප්‍රතිරූපයන්ගෙන් හා ආන්දෝලනාත්මක සිදුවීම්වලින් පිරුණු කලා ලෝකයක, සැබෑ සුන්දරත්වය සහ බුද්ධිය මැනවින් මුසු කළ තේජු අශ්විනි යනු සිනමාවට අවශ්‍යම කර තිබූ නැවුම් රිද්මයකි.


